කොලිට තරහ ගිහින් සතුටු වුන තරගය ඉන්දියාව දින්නේ මෙහෙමයි video

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පෝට් එලිසබෙත්හිදී ඊයේ (13 වැනිදා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 73 ක පහසු ජයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය එම ජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමටද ඉන්දීයාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 42.2 ක් අවසානයේ ලකුණු 201 කට සීමා කිරීමට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ යාදව් ලකුණු 57 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේයඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් හර්දීක් පාණ්ඩ්‍යා සහ යුස්වින්දර් චාහල් කඩුලු 2 බැගින් දවාගත්හ.

පන්දු 95 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 71 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හෂීම් අම්ලාඉතා අවාසනාවන්තලෙස දුවද්දී දැවීයාමකට ලක්විය. ඬේවිඞ් මිලර් (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අම්ලා සමත් විය පන්දු 51 කදී වාර්තා වූ මිලර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

නායක ඒඞ්න් මාක්‍රම් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද, හෙයින්රිච් ක්ලාසෙන් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක්ද රැස්කළ නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 115 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා සමත් විය පන්දු 126 කට මුහුණදුන් ශර්මා සිය 17 වැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් අලංකාර කළේය. විරාට් කෝලි (36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන්>පන්දු 109 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී ශ්‍රෙයාස් අයියර් (30) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ලුංගිසානි ගිදි ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය වාගත් අවස්ථාවේ ක‍්‍රිකට් ක‍්‍රිඩාවට නොගැලෙපෙන අයුරින් හැසීරීම නිසා වේගපන්දු යවන කාගීසෝ රබාඩාට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් පැනවීමටද තරග තීරකවරුන් තීරණයකොටතිබුණි.

ඉන්දීය පිල – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 274ශිකර් ධවාන් 34, රෝහිත් ශර්මා 115, විරාට් කෝලි 36, ශ්‍රෙයාස් අයිර් 30, බුවනේෂ්වර් කුමාර් නොදැවී 19, ලුංගිසානි ගිදි 51/4දකුණු අප්‍රකානු පිල – ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 201හෂීම් අම්ලා 71, ඒඞ්න් මාක්‍රම් 32, ඬේව්ඞ් මිලර් 36 හෙයින්රිච් ක්ලාසෙන් 39, කුල්දීප් යාදව් 57/4, යුස්වින්දර් චාහල් 43/2 හර්දීක් පාණ්ඩ්‍යා 30/2.

Comments

Popular posts from this blog

அழகான தமிழ் மொழி சமஸ்கிருதத்தை விட பழமையானது என்பது பலருக்கு தெரியாமல் போனது - மோடி

ஓரினச்சேர்க்கையாளரா ஓவியா அதிர்ச்சியில் ரசிகர்கள்

ஆறாவது ஒருநாளில் ‘600’ஐ தொட்ட ‘கீப்பிங் கிங்’ ‘தல’ தோனி!